සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් දියත් කර ඇති වර්ජනය හමුවේ රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.
ඒ අනුව රෝහල් 37 ක් සඳහා යුද හමුදා භටයින් 800 ක් යොදවා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළේ.
එමෙන්ම, ගුවන් හමුදාවේ භට පිරිස් 200කට වැඩි පිරිසක් සහ නාවික හමුදා භට පිරිස් ද රෝහල් සඳහා යොමුකර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍යතාවය අනුව රෝහල් සඳහා තවත් භට පිරිස් යෙදවීමට කටයුතු කරන බවයි.

