නැගෙනහිර, ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්වලටත් ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
ඒ අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ප.ව. 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තු අනාවැකියේ සඳහන් වෙනවා.
පසුගිය දිනවල දිවයින පුරා සමස්තයක් වශයෙන් පැවතුණේ වියළි කාලගුණ තත්වයක්.

