Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාස සෑදීමේදී මරු සිටින දිශාවට වඩා හිරු සිටින දිශාව බලන ලෙස උපදෙස්! ඔබට සැලසෙන ආර්ථික වාසියක් පිළිබඳව සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් පැහැදිලි කිරීමක්!

3 years ago

නව නිවසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව, හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති සහ ප්‍රවාහය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

බලශක්ති සහ ප්‍රවාහය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතාගේ සහාපතිත්වයෙන් පසුගියදා (08දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කර ඇත.

මෙම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වූ අතර, ඔවුන් එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ කමිටුව හමුවේ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

‍එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ නව නිවසක් සැකසීමේදී, එම නිවසේ සූර්ය පැනල සවිකිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවයි.

කෙසේ නමුත් මේ වනවිට බස්නාහිර සහ වයඹ පළාත්වල එම දැනුවත් කිරීම් ආරම්භ කර ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

නමුත් ගුප්ත විද්‍යාව මත පදනම්ව මරු සිටින දිශාව පිළිබඳ ජනතාව සැලකිලිමත් වුවත්, හිරු සිටින දිශාව පිළිබඳ සැලකිළිමත් නොවන බව පෙන්වා දී ඇත. සූර්ය පැනල සවි කිරීමේදී මෙම තත්ත්වය ගැටළුවක් වී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මේ නිසා මෙම තත්ත්වය පිළිබඳ වැඩි දුරටත් ජනාතාව දැනුවත් කර සූර්ය පැනල සවි කිරීම සම්බන්ධයෙන් ඔවුන් උනන්දු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දී ඇත.

එසේම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා LED විදුලි බල්බ භාවිතය දිරිමත් කිරීම පිළිබඳවත් අවධානය යොමු විය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මැදිහත්වීමෙන් LED විදුලි බල්බ මිල අඩු කිරීමටත්, ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් හැකි වූ බවයි.

ඒනිසා LED විදුලි බල්බ භාවිතය මගින් විදුලි බිල අවම වීමේ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන නොමිලේ LED විදුලි බල්බ ලබා දුන්නොත්, මාස 02ක් ඇතුළත එම මුදල උපයා ගැනීමට රජයට හැකිබව පෙන්වා දී ඇත.