2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
මේ අතර 2023 උසස් පෙළ විභාගයට අදාළව නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට මාර්තු 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
