ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නංවා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර දෙරටේ ජනතාව අතර (people-to-people) සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහිදී ප්රමුඛ අවධානයක් යොමුකර ඇත.
මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර තිබෙන අතර රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂමව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්යක්ෂ ජනරාල් භාරත් ලාල් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පවත්වා ඇත.
එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු ධාරිතා සංවර්ධන සහයෝගීතා වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව රාජ්‍ය නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයෙහි පෙබරවාරි (12) වැනිදා සිට (17) දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා එක්ව සිටින අතර ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියානු රජය විසින් සපයා ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන 12ක් නියෝජනය වන පරිදි ප්‍රධාන වශයෙන් විද්‍යුත් ප්‍රසම්පාදනය ඇතුළු රජයේ ප්රමුඛ සේවාවන් සඳහා ඩිජිටල්කරණ නිරාවරණය, අලුතින් බඳවාගන්නා රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා සංවර්ධනය, දුෂණ විරෝධී පියවර, ආයෝජන පහසුකම් සැලසීම සහ ආහාර ද්‍රව්‍යවල මධ්‍යම මිලකරණ යාන්ත්‍රණය යන ක්ෂේත්රවල අදාළ ආයතනවල ධාරිතා සංවර්ධනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මෙහිඳී අවධානය යොමු කරයි.

