Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමා පිළිකා රෝගීන් පිළිබඳව විශේෂ දැනුවත්කිරීමක්

3 years ago

ළමා පිළිකා දිනය අද දිනයට යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ(14) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, 2021 වර්ෂයේදී පිළිකා වැළඳුණු පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බවයි.

වසරකට ළමා පිළිකා රෝගීන් 250 – 300 අතර ප්‍රමාණයක් මිය යන බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කරනවා.

පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේ දී ම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බව ඔහු අවධාරණය කර ඇත.

ලේ පිළිකාව දරුවන් අතර බහුලව වාර්තා වන බව ඔහු සඳහන් කරයි.

වැඩිහිටියන්ට පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන වශයෙන් දුම්පානය කිරීම සහ බුලත් විට කෑම හේතු වන නමුත් ළමා පිළිකා සඳහා එවැනි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.

වසරකට පිළිකා රෝගී දරුවන් 1000 – 1200ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඔහු සඳහන් කරයි.