නවගමුව පත්තිනි දේවාලය දින දෙකකට වසා තැබෙන බවට නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එම භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) දින සිට 17 වැනිදා දක්වා වසා දැමීමට කටයුතු කල බව දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන් ප්‍රකාශ කළා.
නවගමුව පත්තිනි දේවාලය අසලම නිවසක අවමංගල්‍යක් සිදුවීම හේතුවෙන් මෙලෙස සියලු දේවාල වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (14) රාත්‍රී පූජාවෙන් පසු දේවාල සියල්ල වසා දමා ලබන 17 වැනිදා අළුයම සිට දේවාලයේ පූජාවන් කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිත බවයි පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන් කියා සිටියේ.


