Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ රැසක වායු ගුණාතමකභාවය සිරුරට අහිතකර මට්ටමට ළඟා වෙයි! ප්‍රවේශම් විය යුතු පිරිස් පිළිබඳව දැනුම්දීමක්!

3 years ago

ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා බදුල්ල දිස්ත්‍රික්කයේ ඉහළ ගොස් ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර සදහන් කරයි.

මේ හේතුවෙන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බවත් මේ තත්ත්වය යටතේ කුඩා දරුවන්, වැඩිහිටියන් ස්වසන ආබාධ ඇති අය ප්‍රවේශම් වීම වැදගත් බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

කඳු පද්ධතියේ දර්ශනය බලන විට අඳුරු පැහැති මීදුම් තත්ත්වයක් දර්ශනය වන බවත් මෙය සාමාන්‍ය වායුගෝලයේ පැවතිය යුතු දූවිලි ඝනත්වයට වඩා ඉහළ ඝනත්වයක් පවතින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

බාහිරින් හමා එන සුළං වල පවතින කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු ශ්‍රී ලංකාවට පැමිණ දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බැවින් සෞඛ්‍ය අංශවල මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවී ඇති බවද සදහන් කරයි.

මුව ආවරණ පැළඳීම සිදු කළ යුතු අතර සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් විවෘත පරිසරයේ රැඳී සිටීමෙන් ද වැළකිය යුතුයි.