රාජ්‍ය දේපල පෞද්ගලීකරණය නොකරන ලෙස මහනාහිමිවරුන් රජයෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (14) බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහනෙසේ මේ බව පවසා සිටියා.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමට පැමිණි අතර එහිදී උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ දේශපාලඥයින් ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ, පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු විසදීම බවයි.

