Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දැරියන් තිදෙනෙක්ට අමුතු විද්‍යාවක් ඉගැන් වූ ගුරුවරයෙක් අත්අඩංගුවට

3 years ago

වටවල ප්‍රදේශයේ දෙමළ පාසලක පාසල් සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට තැත්කළ එම පාසලේම විද්‍යා විෂය උගන්වන ගුරුවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරයා එම පාසලේ වසර 5ක පමණ කාලයක් විද්‍යාව ගුරුවරයා සේවය කළ බව සඳහන් වෙනවා.

ඔහු මෙලෙස අතවර කිරීමට උත්සහ කර ඇත්තේ පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකුටයි.

මෙම සැකකරු ඔවුන්ට කෙටි පණිවුඩ යොමු කරමින් ඔවුන් අපහසුතාවයට පත්කර ඇති බවත් එම පණිවුඩවලට පිළිතුරු නොයැවීම හේතුවෙන් සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වී සිටින අවස්ථාවේ දී අනිසි බලපෑම් සිදුකිරීම හේතුවෙන් අදාළ සිසුවියන් වටවල පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

44 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. (source – newsi)