Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කසිප්පු පානය කර පාසලට පැමිණි සිසුවා පාසලේ වමනය දාලා! වහාම රෝහල්ගත කරයි!

3 years ago

පස්සර ප්‍රදේශයේ පාසලක කසිප්පු පානය කිරීමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (14) වනදා දහවල් මෙම සිසුවා හදිසියේ අසනීපවී වමනය කරනු දුටු ගුරුවරු ඒ පිළිබඳව විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි.

ගුරුවරු විසින් එම සිසුවා කඩිනමින් පස්සර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

තමා කසිප්පු පානය කළ බවට රෝහලේ දී කළ ප්‍රකාශය මත වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවූ බව පස්සර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද මහතා පැවසීය .

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි. (source – aruna)