Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙද හෙදියන්ගේ දීමනා සම්බන්ධයෙන් සුබ පණිවියක්

3 years ago

සෞඛ්‍ය සේවකයින් සඳහා ඩැට් දීමනාව ලබා දීම, නිලඇඳුම් දීමනාව ඉහළ දැමීම මෙන්ම අතිකාල ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා එකඟ වූ බව රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කෙසේ වෙතත් උන්වහන්සේ පවසන්නේ එම දීමනා ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන 19 වැනිදා පැවැත්වෙන සකච්ඡාවකදී ගැනීමට නියමිත බවයි.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72ක් එක්ව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ අවසන් කෙරැණා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමඟ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි.