Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයිස් ක්‍රීම් සමඟ නොමිලේ මැරුණු ගෙම්බෙක්! අයිස් ක්‍රීම් කප් එකක තිබී මියගිය ගෙම්බෙක් හමුවෙයි!

3 years ago

යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි මුරුගන් කෝවිල අසල වෙළද සැලකින් ලබාගත් අයිස් ක්‍රීම් කප් එකක තිබී මියගිය ගෙම්බෙකු සිටීමේ සිද්ධියක් වාර්තා වනවා.

මේ දිනවල එම කෝවිලේ විශේෂ පූජාවන් පැවැත්වෙන අතර එම පූජාවක් සදහා පැමිණි බැතිමතෙකු මිලට ගත් අයිස්ක්‍රීම් කප් එකක මෙම මියගිය ගෙම්බා සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව වෙළඳසැල් හිමිකරුටද දැන් වූ පාරිභෝගිකයා ඡායාරූප ගෙන සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

පාරිභෝගිකයාගේ පමිණිල්ල සටහන් කරගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ වෙළදසැල වෙත පැමිණ එම වෙළදසැලේ තිබූ එම වර්ගයේ සියළුම අයිස්ක්‍රීම් තොග සිය භාරයට ගෙන ඇති අතර අදාළ අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.