ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ හත්සියයක් මේ වසර තුළ වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
මෙම බස් රථ සියල්ලම වසර ගණනාවක් පුරා ධාවනය කරගත නොහැකිවූ ඒවා බවත් ඒ සියල්ල ගර්භිත බස් රථ ලෙස ඉවත් කළ ඒවා බවත් එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය.
කොළඹ ප්‍රාදේශිකයේ පමණක් එවැනි ගර්භිත බස් රථ එකසිය තුනක් තිබෙන අතර එම බස් රථවල ලියාපදිංචිය අවලංගු කිරීම සදහා ඒවායේ අංක සහිත වාර්තාවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර තිබෙන බවද සභාපතිවරයා කීවේය.
මේ ආකාරයෙන් ඩිපෝවල ගරා වැටී තිබෙන බස් රථ යකඩ සඳහා වෙන්දේසි කර එයින් ලැබෙන ආදායමෙන් නව බස් රථ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.


