5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කළේ.
මෙම සිදු වීමට මුහුණ දී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක්.
රෝහල්ගත කර සිටින සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර, මොවුන් කිසියම් හඳුනා නොගත් මල්පෙති වර්ගයක් පානය කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. (source – hiru news)


