ඊයේ (16) උදෑසන කරාඩුගල පිහිඹියාව ප්‍රදේශයේ ගල්ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 53 හැවිරිදි බිබිල අඩවි වන කාර්යාලයට අයත් ක්ෂේත්‍ර නිලධාරියෙකි.
බිබිල අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පිහිඹියාව ප්‍රදේශයේ වැටලීම් රාජකාරියක් සඳහා ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත.
අතුරුදන්වූ නිලධාරියා සොයා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.


