Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාම විනිසුරු පත්වීමක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ලිහිල් කරයි

3 years ago

ඉකුත් 27 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් සාම විනිසුරු පත්වීම් ලබා ගැනීමට පනවා තිබූ අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබෙනවා.

ඒ අනුව නව ගැසට් නිවේදනයට සාම විනිසුරු පත්වීමක් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුනක් සමත් විය යුතු බව වුවත් එම නියමය සංශෝධනය කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් හයක් සමත් විය යුතු බවට නියමකර තිබෙනවා.

එම සුදුසුකම නොමැති අයෙක් වුවද ඔහු ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සලකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සලකා එම තැනත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.