Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝගීන්ට ඔක්සිජන් ලබා ගැනීමට තිබූ ලක්ෂ 1450ක් මගඩියට යොමු කළාදැයි සැකයක්! කෙහෙළියගේ අත්සන් පරීක්ෂාවට නියෝගයක්!

3 years ago

සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබා ගැනීමට තිබූ මුදල්වලින් රුපියල් මිලියන 145ක් ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය, මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට පසුගියදා(15) අධිකරණයේදී දැනුම් දුන්නාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශවල ඇති අත්සන් සහ තවත් ලේඛනවල ඇති අත්සන් සමඟ ඔහුගේ අත් අකුරු සැසදීමට රජයේ සැකකටයුතු ලේඛන පරීක්‍ෂවරයාට නියම කළ ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ආදර්ශ අත්සන් ලබා ගැනීමට ද නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයට අදාළ නඩුව පසුගිය 15 වනදා කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.