මල්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජයේ අවධානය යොමුවීම වඩාත් වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු අතර, ඖෂධ හෝ වෙනත් මත්වන ද්‍රව්‍ය දරුවන්ට ඇස ගැටෙන ලෙස නොතැබිය යුතු බවයි රිජ්ජේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල – මදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

