Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාඩු දිනයේ සාරිය නොඇඳ පාසලට පැමිණි ගුරුවරිය පාසලෙන් එළවලා! ගුරුවරිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි!

3 years ago

ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට නියමිත කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් ඊයෙ (18) එම ස්ථානයෙන් ආපසු හරවා යවා තිබෙනවා.

සාරියක් හැඳ නොපැමිණීම නිසා අදාළ මධ්‍යස්ථානයේ කළමණාකරු විසින් මෙම ගුරුවරියව ගුරු මධ්‍යස්ථානයෙන් එළවා දැමීමට කටයුතු කර තිබුණා.

අනතුරුව එම ගුරුවරිය විසින් කඩුගන්නාව පොලීසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ සති අන්තයේ පැවැත්වෙන මෙවැනි වැඩසටහනක් සඳහා සාරියක් හැඳ පැමිණීම අනිවාර්ය කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොවන බවයි.

එමෙන්ම, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරන බවද ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් සඳහන් කළා.