Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංගනයෙන් රසික සිත් වසඟයට ගත් 19 හැවිරිදි සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනිය දුර්ලභ රෝගයකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙයි

3 years ago

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් රඟපෑ ‘දංගල්’ මල්ලවපොර චිත්‍රපටයෙ තරුණ බබිතා ෆොගට් ලෙස රඟපෑ රංගන ශිල්පිනී සුහානි භාත්නාගර් දිල්ලියේ දී මිය ගොස් තිබෙනවා.

ඇයගේ පවුලේ අය අද හෙළි කළේ ඇය සමේ කැසීම සහ මාංශ පේශි දුර්වලතා ඇති කරන දුර්ලභ රෝගයක් වන ඩර්මැටෝමියෝසයිටිස් රෝගයෙන් පීඩා විඳි බවයි.

19 හැවිරිදි ඇය පෙබරවාරි 7 වන දින ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය සංකූලතා වලින් පසු පෙබරවාරි 16 වන දින මිය ගොස් ඇති බව සඳහන්.

දින දහයකට පෙර ඇයට රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇති අතර මීට මාස දෙකකට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව පවුලේ අය සඳහන් කරනවා.

ඇයව විවිධ රෝහල්වලට ඇතුලත් කර ඇති නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමට පටන් ගෙන තිබෙනවා.

තම දියණියගේ සෞඛ්‍යයේ කිසිදු දියුණුවක් නොමැතිවූ බවත් අවසානයේ ආසාදනයක් සහ අතිරික්ත තරලයක් එකතු වීම නිසා පෙනහළුවලට හානි සිදු වූ බව සුහානිගේ පියා වන සුමිත් භාත්නාගර් පවසා තිබෙනවා.

ඇගේ පියා කියා සිටියේ ලොව පුරා මෙම රෝගය හඳුනාගෙන ඇති පුද්ගලයින් පස් දෙනෙකු හෝ හය දෙනෙකු පමණක් සිටින බවයි.

ඩර්මැටෝමියෝසයිටිස් යනු මාංශ පේශි දුර්වලතාවල කරන සම මත ආසාදන ඇති කරන රෝගයක්. එය පෙනහළු, හෘද වාහිනී සහ ආමාශ ආන්ත්‍රයික පද්ධති වැනි අනෙකුත් පද්ධතිවලටද බලපෑම් කළ හැකි බව සඳහන්.