අද (18) බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායද සහභාගී වී තිබේ.
ඒ අනුව මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 2,253 ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 219 ක් යොදවා ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර තිබේ.
ඒ යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් ගතවීම හේතුවෙන් මෙය සිදුකර තිබේ.
එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
නිවාස සෝදිසිකිරීම්වලදී තියුණු ආයුධ රැසක් පොලිස්භාරයට ගෙන ඇති අතර මෙලෙස සොයාගෙන ඇති ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්.
කඩු 06
මන්නා 01
කිනිසි 01
තහනම් පිහි 02
හෙරොයින් ග්‍රෑම් 322
අයිස් ග්‍රෑම් 111
ගංජා ග්‍රෑම් 160
ඈෂ් ග්‍රෑම් 13
නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750
නීතිවිරෝධී දුම්වැටි 855

