කැරලි සහ කලකෝලාහල මර්ධනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද, ගෑස් මුහුණු ආවරණ 750ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථාන ආංරංචි මාර්ග පවසනවා.
ඉදිරියේදි මෙය කැරලි මර්ධන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට මේ අනුව නියමිත බවයි මේ අනුව වාර්තා වෙන්නේ.
පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණවලදි ඇති වූ කලබල මැඩ පැවැත්වීමට පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර සිදු කළේය.
ඉදිරියේදි රට පුරා ඇතිවිය හැකි විරෝධතා සහ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා අලුතින් මිලදී ගන්නා උපකරණ භාවිතයට නියමිත බවයි වාර්තා වන්නේ.


