මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .
එස්. ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැව්රිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇති කාන්තාව මුහුනේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර , ඇය බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පොලිස් විමර්ශන වලදී නිවසේ නිදන කාමරයේ, මැදසාලේ සහ ඉදිරිපස දොරටුව අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.
කෙසේ වෙතත් විමර්ශණ වලදි අනාවරණය වී ඇත්තේ කාන්තාව අනතුරට පත්වන අවස්ථාවේදී ඇගේ සැමියා, පුත්‍රයා සහ දියණියද නිවසේ සිට ඇති බවයි.
පොලීසිය විසින් ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම වලදි පවසා ඇත්තේ මව තුවාල සහිතව ඉදිරිපස දොරටුව අසල වැටී සිටිනු දක්නට ලැබුණු බවත් පසුව රෝහල් ගත කළ බවයි.
මේ සම්බන්ධව පොලිස් විමර්ශණ ක්‍රියාත්මක අතර කාන්තාව මියගියේ කෙසේදැයි මෙතෙක් අණාවරණ වී නෑ. (source – newsi)


