Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරයා රිමාන්ඩ් කිරීමට නියෝගයක්

3 years ago

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා පාසලේ තිබූ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට සැකපිට එම පාසලේ ගුරුවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 වනදා සහ 09 වනදා පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට එම සිසුවා දෙමාපියන් සමඟ පැමිණ තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව පොලීසිය අදාළ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකාර ගුරුවරයාව අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට වාර්තා වනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එම පාසලේ ඉගැන්වීම් කටයුතු කළ 53 හැවිරිදි තෙල්දෙණිය මඩපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුවරයෙක්.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම සැකකාර ගුරුවරයා තවත් 12 හැවිරිදි සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය අසළ ඇති කැලෑවකට රැගෙන ගොස් ඇති බවයි.

එහිදී බිම තිබූ බෝතල් කටුවකට එම සිසුවාගේ අත කැපී තුවාල වී ඇති බව එම සිසුවාගේ මව පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

අගතියට පත් පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. (source – news19)