කුරුණෑගල – මදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඔහුගේ පියා සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පෙරේදා පාසලට ගෙන ගොස් තවත් සිසුන් තුන්දෙනෙකු සමඟ පානය කිරීම නිසා ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
මෙම දරුවාගේ පියා මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවෙකු වූ බවට අනාවරණ වී ඇති අතර, සිද්ධියට අදාළව පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරු කුරූණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 17වනදා ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සබැඳි පුවත් : මත් වී ගසක් යට වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝහල්ගත කරයි! එක් සිසුවෙකුට බරපතළයි!


