ඊයේ (18) දිනයේදී කුඹුක්ගැටිය, වෙල්ගල නෙල්ලිය ප්‍රදේශයේදී 30 හැවිරිදි තම පුතු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ඉල්ලා පියා සමඟ නිතර ආරවුල් ඇති කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය වූ දිනයේදී පුතා සහ පියා මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී පියා විසින් තම පුතාහට මිටියකින් පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

