අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (19) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අතර එම අවස්ථාවේ දී එම ඉල්ලීම සිදුකළේය.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ, රටේ සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කැපවෙන ලෙසය.

