Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගරදගුරු නිවස ඉදිරිපිටට ධීවරයින් රැස්වෙයි! කාදිනල් හිමිට දැඩි විරෝධයක්!

3 years ago

වසර ගණනක් තිස්සේ ධීවර ජනතාව භාවිත කරමින් පවතින මීගමුව, පිටිපන ලෙල්ලම කතෝලික සභාවේ පාලනයට ගෙන ඇති බවට චෝදනා කරමින් මීගමුව ධීවරයෝ බොරැල්ල අගරදගුරු නිල නිවස ඉදිරිපිට මාර්ගයේ අද (19 වැනිදා) විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත ධීවරයන් පවසන්නේ මැල්කම් රංජිත් හිමියන් විසින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගනිමින් මීගමුව – පිටිපන මීසමට අයත් ලෙල්ලම කතෝලික සභාවට පවරාගෙන ඇති බවයි.

වසර 65 ක් පුරාවටම ධීවර රැකියාව සිදුකරන මෙම ලෙල්ලම පවරා ගැනීම මගින් එහි රැකියාවේ නිරත ධීවරයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය 05 වැනිදා නීයෝග කළා.

එම තීන්දුවට අනුව ලෙල්ලමේ පාලනය සඳහා කතෝලික සභාවෙන් කමිටුවක් පත් කර තිබේ.

විරෝධතාවේ නිරත ධීවරයන් සඳහන් කළේ එම කමිටුවේ ප්‍රධාන නිලයක් සඳහා ප්‍රදේශයේ දේශපාලකයකුගේ නියෝජිතයකුද පත් කර සිටින බවය.

ලෙල්ලමේ අයිතිය යළිත් තමන්ට ලබා දිය යුතු බවත් මෙම ගැටලුවට විසඳුමක් නොලැබෙන්නේ නම් විරෝධතාව නොනවත්වන බවත් ඔවුහු සඳහන් කරති.