Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක ගුරුවරුන් බඳවා ගැනීමට බාධාවක්! අධ්‍යාපන ඇමතිගෙන් අනාවරණයක්!

3 years ago

අධ්‍යාපන පරිපාලන සේවයේ 1,000ක පමණ පුරප්පාඩු තිබෙන බවත්, ගුරු උපදේශක සේවයේ ද විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අනාවරණ කළා.

ගුරු සේවයට උපාධිධාරීන් 22,000ක් බඳවාගන්නට පියවර ගත් නමුත් ඒ සඳහා අධිකරණ තීන්දු ලැබෙන තුරු එම බඳවා ගැනීම් නතර වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පවතින නීතිමය ගැටලු විසඳා ගන්නා තුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔහු එම අදහස් පළ කළේ ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හමුවකට එක්වෙමින්.