පස්සර පොදු ක්‍රීඩාංගණයේදී අද (20) පැවති පාසල් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක පෙරහුරුවක් අතරතුරදී බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසු සිසුවියන් 76 දෙනෙකු පස්සර මූලික රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද මහතා පැවසීය.
රෝහල්ගත කළ සිසු සිසුවියන් අතරින් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් 26 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ක්‍රීඩාංගනය අසළ කැළෑ ප්‍රදේශයක තිබූ බඹර කූඩුවකට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා එම බඹරුන් ඇවිස්සී ඇති බව වාර්තා වෙයි. (source – ada derana)

