නව කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව බවයි ඔහි සඳහන් කරන්නේ.
එම ස්ථානය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද ස්ථානයක් බැවින් කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටිනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද(20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

