මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය වන පරිදි සෙවණේ සිටින ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාර්නි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසනවා.
හැකි තරම් ජලය පානය කරන ලෙසත්, විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද ඇය උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා එළිමහනට යන්නේ නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසටද වෛද්‍යවරිය තවදුරටත් පවසනවා.
පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීමද ශරීරයට යහපත් වන අතර ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන් පානය කිරීම අත්‍යවශ්‍ය බවද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පෙන්වා දෙනවා.
එමෙන්ම, මේ දිනවල පාසල්වල සිදු කරන ක්‍රීඩා කටයුතුවලදී දරුවන් තද අව්වේ තැබීම ඉතාමත් අහිතකර බැවින් තද අව්වේ දරුවන් ක්‍රීඩාවන්ගේ යෙදවීමෙන් වළක්වන ලෙසටද වෛද්‍යවරිය ඉල්ලා සිටිනවා.
එමෙන්ම, පවතින කාලගුණ තත්ත්වය හමුවේ චර්ම රෝගයන්ද පැතිර යන බැවින් අව්ව වැසෙන සේ ඇඳුමක් හෝ අව්රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream ) භාවිත කරන ලෙසටද වෛද්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම තත්වය හමුවේ මුත්‍රා ආශ්රිත රෝග වැඩි වශයෙන් වාර්තා වන බවද වෛද්‍යවරිය පවසා සිටියා.
වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය තවදුරටත් සඳහන් කළේ, මිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවයි.

