විවාහයට පෙර තම හිනාව ලස්සන කර ගැනීමට ශල්‍යකර්මයකට මුහුණ දුන් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ FMS Inte ational Dental Clinic in Hyderabad’s Jubilee Hills හීදී මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බව සඳහන් වනවා.
නමුත් සැත්මකට භාජනයවන අතරතුරදී මෙම තරුණයා අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා
මෙම තරුණයා සතියකට පෙර විවාහ ගිවිසගෙන ඇති අතර ඔහුගේ විවාහ මංගල්‍ය ලබන මාසයේදී පැවැත් වීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ තරුණයාගේ පවුලේ ඥාතීන් අදාළ රෝහලට එරෙහිව නඩු පවරා ඇති බවයි.

