උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා 11 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක් හා එම පක්ෂයට අදාල ඡායාරූපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති තිබෙනවා.
‘ එක රටක් ජාතීන් දෙකක්’ යන වැකිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? යනුවෙන් ප්‍රශ්නයේ සඳහන්ව ඇති අතර, එම වැකිය උතුරේ ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂයක තේමා පාඨය බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ එම ප්‍රශ්නයට පසු ඊළඟ ප‍්‍රශ්නය සඳහා ඡායාරූපයක් පලකොට තිබූ බවත් එම ඡායාරූපය ඉහත කී දෙමළ දේශපාලන පක්ෂයේ පක්ෂ ලාංඡනය බවයි.
එහිදී සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි ලෙස විවේචනය කරමින් මෙම ප්‍රශ්න දෙක එම පක්ෂයට හිතවත් අයෙකු විසින් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කොට ඇති බවට චෝදනා නගා තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉහළ යාමත් සමඟම පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

