Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනයට තුඩු දුන් මල්වාන නිවස ගැන තීරණයක් ගනී

3 years ago

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා

එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට අද (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා,

“විනාශයට පත්වී තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සඳහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීම සඳහා යෝජනා කළා.”

“පසුගිය කාලයේ සිදුවු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළා.”