Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

3 years ago

දරුවන්ට පාඩම් කිරීම සඳහා විදුලිය අවශ්‍ය නොවන බවත් අවශ්‍යතාවයක් පවතී නම් ඒ වෙනුවට ඔවුන්ට කුප්පි ලාම්පුවක් භාවිත කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාව සමඟ පැවති වැඩසටහනකදී ලංකාවේ විදුලි මිල ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමාගේ පරම්පරාවේ මේ වන විට විශිෂ්ඨයින් බවට පත්ව සිටින වෘත්තිකයින් සියලු දෙනා එම තත්වයට පත්ව තිබෙන්නේ විදුලිය භාවිතයෙන් පාඩම් කිරීමෙන් නොවන බවත් ඔවුන් බොහෝ දෙනා කුප්පි ලාම්පු යොදාගනිමින් තම පාඩම් කටයුතු කළ බවත් නොයෙල් ප්‍රියන්ත මහතා මෙහිදී පවසා තිබෙනවා.

නොයෙල් ප්‍රියන්ත මහතා තවදුරටත් සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ ගොස් ඇති බව තමා පිළිගන්නා නමුත්, තම දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට දෙමාපියන් වෙහෙස වී වැඩ කළ යුතු බවයි.