Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙයි

3 years ago

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පලමු වසර සිසුවෙකු ඊයේ(21) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු පදවමින් සිටි යතුරු පැදිය බල්ලෙකුගේ ගැටීම නිසා සිදු වූ අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක රමේෂ් සකින්තන් නැමති තරුණයෙක්.

ඔහු යාපනයේ සුප්‍රසිද්ධ ඌරේලු ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමේ අති දක්ෂ ක්‍රීඩකයෙක්ද වෙනවා.

මියගිය විශ්ව විද්‍යාල සිසුවා ඔහුගේ නිවස පිහිටි යාපනයේ මනිපායී ප්‍රදේශයේ සිට නීර්වේලී පොලට යතුරු පැදියෙන් යමින් සිටියදී එක්වරම පාර හරහා දිව ගිය බල්ලකු ඔහුගේ යතුරු පැදියේ ගැටීම නිසා යතුරු පැදිය පෙරළී ගොස් තිබෙනවා.

එහිදී බරපතල ලෙස තුවාල ලබූ ඔහු යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.