Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15 හැවිරිදි තම යෙහෙළියව පුද්ගලයෙකුට අලෙවි කළ 17 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

3 years ago

කළුතර ,වස්කඩුව ,පනාපිටියේ නිවසකින් කැඳවාගෙන ගිය 15 හැවිරිදි දැරියක් මීගමුව සම්බාහන මධ්‍යස්ථානයකදී “මිස්ට ඩීන් “නමින් හඳුන්වා ගත් පුද්ගලයෙකුට අලෙවි කිරීමේ සිද්ධියකට අදාලව ඇයව කැඳවාගෙන ගිය බව කියන 17 හැවිරිදි යෙහෙළිය උතුරු කළුතර පොලිසිය මගින් ඊයේ (22) අත් අඩංගුවට ගෙන තිබේ .

තම දියණිය ඉකුත් 21 වන දින නිවසින් පිටව ගොස් ඇති බවත් 22 දින වනතුරුත් ආපසු නොපැමිණි බවත් කියමින් මව විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශණ කරමින් සිටියදී වින්දිත දැරිය පොලිසියට පැමිණ තමා මුහුණ දුන් සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදී ඇත .

සැකකාරිය තම පෙම්වතාගේ මිතුරාගේ පෙම්වතිය බවත් අම්මා ගෙදර නොසිටි අවස්ථාවේ ඇය දුරකථන ඇමතුමක් දෙමින් පෙම්වතුන් මුන ගැසීම සඳහා යෑමට කතා කළ බවත් තමාට ගෙදරින් පිට යෑමට ඉඩ නොදෙන බව පැවසීමෙන් පසු ඇය නිවසට පැමිණි අතර දෙදෙනාම කළුතරට ගොස් පෙම්වතුන් මුන ගැසුන බවත් ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ .

නැවත නිවසට පැමිණි අවස්ථාවේ මව දුරකථන ඇමතුමක් දෙමින් බැන වැදීම නිසා තමාව ඔවුන්ගේ නිවසට කැඳවාගෙන යන ලෙස සැකකාර යෙහෙළියගෙන් ඉල්ලා සිටි බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට ඇත .

ඉන්පසු යෙහෙළිය පුංච්ගේ නිවසට කැඳවාගෙන යන බව පවසා තමාව දුම්‍ රියෙන් නිවසකට කැඳවාගෙන ගොස් කාමරයක් ලබා දුන් බවත් ,එම කාමරයට පිරිමි පුද්ගලයෙකු පැමිණි අතර ඔහු සමග අඹු සැමියන් ලෙස ගත කළ බවත් ඔහු තමාට මුදල්ද ඔහුගේ නම සඳහන් විසිටින් කාඩ් එකක්දදී “මිස්ට ඩීන් ” ලෙස තමාව අමතන ලෙස පවසා පිටව ගිය බවත් ඇය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ සදහන්වේ .

ඉන්පසු ඇය තමා සිටිනුයේ කොහේදැයි යෙහෙළියගෙන් විමසූ විට මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක යැයි ඇය ප්‍රකාශ කර ඇත .

ඉන්පසු ඇය නැවත යෙහෙළිය සමග කළුතරට පැමිණ පෙම්වතා මුන ගැසීමෙන් අනතුරුව පොලිසියට පැමිණ තිබේ. (source – aruna)