හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගවරවිල සිංහල මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස බල කරමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඊයේ (22) උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.
මස්කෙලිය සාමිමලේ ගවරවිල දමිල මහා විද්‍යාලයට ආසන්නයේම පිහිටි සිංහල මහා විද්‍යාලය 1 වසරේ සිට 11 වසර දක්වා සිසු සිසුවියන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර, පාසලේ සිටි විදුහල්පතිවරයා මිට මාස තුනකට ප්‍රථම විශ්‍රාම ගොස් ඇති බවත්, ඒ සදහා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මෙතෙක් තම පාසලට විදුහල්පතිවරයෙකු පත් නොකිරිම නිසා පාසලේ පරිපාලන කටයුතු බිද වැටි ඇති බවත්, උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියෝ කියා සිටියා.
තම පාසලට ගුරුවරුන්ගේ අඩුවක් පවතින බවත්, පාසලේ පවතින ගැටළු සම්බන්ධයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් අවස්තා කිහිපයකදි පැමිණිලි කලද ඒ සදහා මෙතෙක් විසදුම් ලැබි නොමැති බවයි දෙමව්පියන් සඳහන් කළේ.
උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියන් වැඩිදුරටත් කියා සිටියේ, මෙම පාසලට යාබදව පිහිටි අනෙකුත් පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නිල ඇදුම්, සපත්තු, පෙල පොත් ලැබි ඇති තිබුණත් ගවරවිල සිංහල මහා විද්‍යාලයට පමණක් කිසිදු පහසුකමක් ලබා නොදි ඇති බවයි.

