Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේවාලයට ආ කත පැහැරගෙන බලෙන් බන්දන්න හදලා! සිහි නැති කර දවස් ගානක් සඟවාගෙන ඉඳලා!

3 years ago

බාර­යක් ඔප්පු කිරීම සඳහා දේවා­ල­ය­කට ගොස් සිටි විසි­හ­තර හැවි­රිදි කාන්තා­වක් බල­හ­ත්කා­ර­යෙන් පැහැ­ර­ගෙන සිහි නැති කර රැගෙන ගොස් දින ගණ­නා­වක් නිවාස දෙකක රඳ­වා­ගෙන සිටි බව කියන මැර කල්ලි­ය­කට අයත් සැක­ක­රු­වකු මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තැබී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පසුගියදා නියෝග කර තිබුණා.

මෙසේ බන්ධනාගාර කර ඇත්තේ රදා­ව­ඩුන්න ප්‍රදේ­ශයේ පදිංචි අයෙක්.

බාර­යක් ඔප්පු කිරීම සඳහා රදා­ව­ඩුන්න ප්‍රදේ­ශයේ දේවා­ල­ය­කට ගොස් සිටි විදේශ රැකි­යා­වක නියු­තුව සිට මෙර­ටට පැමිණ සිටි විසි­හ­තර හැවි­රිදි කාන්තා­වක් යතුරු පැදි දෙක­කින් පැමිණි බව කියන මැර කල්ලි­ය­කට අයත් සිව් දෙනකු විසින් පැහැර ගනු ලැබී­මෙන් අන­තු­රුව ත්‍රිරෝද රථ­යක දමා­ගෙන අලව්ව පොලිස් වසමේ නිවාස දෙක­කට රැගෙන ගොස් බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන සිට තිබෙනවා.

නිට්ට­ඹුව පොලි­සිය මේ සම්බන්ධයෙන් කරුණු දක්ව­මින් කියා සිටියේ, සැක­කරු වෙනත් අයෙකුගේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව මෙම කාන්තාව බල­හ­ත්කා­ර­යෙන් පැහැ­ර­ගෙන ගොස් ඇති බවයි.

සිද්ධියට අදාළ කාන්තාව කොන්ත්‍රාත්තුව ලබාදුන් තැනැත්තා සමඟ කාල­යක් සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත්, එම තැනැත්තා මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වී සිටීම හේතු­වෙන් ඇය ඔහු සමඟ පව­ත්වා­ගෙන ගිය සම්බ­න්ධය නවතා විදේශ රටක රැකි­යා­ව­කට ගොස් වසර තුන­කට පසුව දිව­යි­නට පැමිණ ඇති බවත් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව තිබෙනවා.

පැමි­ණි­ලි­කා­රිය පැහැ­ර­ගෙන මුහු­ණට ලේන්සු­වක් අල්ලා සිහි නැති කර රැගෙන ගොස් ඇති අතර කොන්ත්‍රාත්කරු සමඟ බල­හ­ත්කා­ර­යෙන් විවාහ කර­වීම සඳහා මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

ඇය සන්ත­කයේ තිබූ රුපි­යල් එක්ලක්ෂ විසි­ද­හ­සක මුද­ලක් ද මෙම සැක­කරු භාරයේ තිබි­යදී සොයාගෙන ඇති අතර පැමි­ණි­ලි­කා­රිය අලව්ව ප්‍රදේ­ශයේ නිවෙ­සක බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන සිටි­යදී ඇය එතැ­නින් පැන විත් අලව්ව පොලි­සි­යට සිද්ධිය ප්‍රකාශ කිරී­මෙන් අන­තු­රුව නිට්ට­ඹුව පොලි­සි­යට දී තිබෙනවා.

මෙම සිද්ධි­යට සම්බ­න්ධව සැඟවී සිටින කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා ඇතුළු තවත් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වයි. (source – monara)