Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය වර්ජනයක්

බෙහෙත් ගන්න යන්නේ බලාගෙනයි! හොර දොස්තරලා 40,000ක් රටපුරා!

3 years ago

රට තුළ සුදුසුකම් නැති ව්‍යාජ වෛද්‍යවරු හතලිස් දහසක් පමණ විසිරී ඇතැයි, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

මෙකී ව්‍යාජ වෛද්‍යවරු හදුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් බව පවසන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, මේ කාරණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය හැසිරෙන නිද්‍රාශීලී ස්වරූපය දැඩිව විවේචනය කරයි.

වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව හෝ හෝමියෝපති වෛද්‍ය සභාව විසින් ලබා දුන් වලංගු ලියාපදිංචියක් තිබිය යුතුය.

එකී ආයතන විසින් අදාල ලියාපදිංචිය ලබා දෙන්නේ අදාල පුද්ගලයන් වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සදහා නිසි සුදුසුකම් සපුරා ඇත්නම් පමණි.

ව්‍යාජ වෛද්‍යරු විශාල ප්‍රමාණයක් රට පුරා විසිරී සිටීම සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයකට යොමු කර තිබෙන බව පවසන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, මේ තත්ත්වය පාලනය කිරීමට රජය වහා කටයුතු කළ යුතුව ඇතැයි අවධාරණය කරයි.

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව කටයුතු කිරීම සදහා අවශ්‍ය නීති සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇතත්, ව්‍යාජ වෛද්‍යවරු සොයා මෙහෙයුම් දියත් කිරීමට අවශ්‍ය මානව සම්පත් හිගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇති බව පෙනී යන්නේ යැයි ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

මීට අමතරව, වෛද්‍ය වරුන් ලබා දෙන නිර්දේශයන්ට පිටින් ඔසුසල් ඖෂධ නිකුත් කිරීමද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.