Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියට පාට් දමා සැකකරුවෙකු බලෙන් රැගෙන ගිය ප්‍රබල ඇමතිගේ ලේකම්ව රිමාන්ඩ් කරයි

3 years ago

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකුව පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පසුගිය 22 වැනිදා අලුයම 12.30ට පමණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු බීමත්ව සිට ඇතැයි නිරක්ෂණය වී තිබේ.

මේ අනුව මෝටර් රථය පොලිසියේ සැරයන්වරයෙකුගේ පාලනයට ගනිමින් බීමත් රියැදුරුද එම රථයෙන්ම බදුල්ල මූලස්ථාන පොලිසිය කරා රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් මෝටර් රථය හරස් කර නවත්වා ඇත.

එහිදී ඇමැති ලේකම් යැයි හඳුන්වාගත් පුද්ගලයා මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පොලිස් සැරයන් විජේරත්න නමැති නිලධාරියා පිටතට ඇද දමා මෝටර් රථයද සමගින් බීමත් රියැදුරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන පැහැරගෙන ගොස් තිබේ.

මෙම සිද්ධියට මුහුණ පෑ පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් දෙපළ මේ සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර බීමත්ව රිය පැදවීමේදී හසුවූ දිලිත් ප්‍රසංග නමැති පුද්ගලයාගේ තොරතුරුද උසස් පොලිස් නිලධාරියාට ලබාදී ඇත.

මේ අනුව ඇමැති ලේකම්වරයාට එරෙහිව අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම, පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යාම හා පලායෑමට සැලැස්වීම ඇතුළු චෝදනා යටතේත්, බීමත්ව රිය පැදවීම, අත්අඩංගුවෙන් පලායෑම ඇතුළු චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ වූ බීමත් රියදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැර තිබෙනවා.