Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුරවා බාර දීම සඳහා පොලිසියෙන් සියලුම පුරවැසියන්ට තොරතුරු පත්‍රිකාවක්

3 years ago

දිවයිනේ සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි සෑම පුද්ගලයකුගේම තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව සෑම පුද්ගලයකුම පවුල්වල තොරතුරු, පදිංචි ස්ථානය, ජාතික හැඳුනුම්පත අංකය, ග්‍රාම නිලධාරී කොට්ඨාසය ආදිය සඳහන් පත්‍රිකාව පුරවා තමන් අයත් පොලිස් ස්ථානය වෙත භාරදිය යුතු බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තියට අදාළව මෙම තොරතුරු ඒකරාශි කරගන්නා පත්‍රිකා බෙදාහැරීම දැනටමත් ආරම්භ කර තිබෙන බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

යම් අයකු වෙනත් පොලිස් වසමයට අයත් ප්‍ර‍දේශයකට පදිංචියට යන්නේ නම් මීට පෙර තොරතුරු ලබාදුන් පොලිසිය වෙත ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව ඒ බව දැනුම් දිය යුතු බවද එම නිලධාරියා කීවේය.

මෙලෙස ලබාගන්නා තොරතුරු අපරාධ වාර්තා කොට්ඨාසයේ තොරතුරු සමග සංසන්දනය කර අපරාධකරුවන් හඳුනාගැනීම හා අපරාධ මර්දනය කිරීමට යොදා ගැනීමට නියමිතය.

තවද පොලිස් නිෂ්කාශන වාර්තාද ප්‍රමාදයකින් තොරව ලබාදීමේ පහසුව මෙමගින් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. (source – aruna)