Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

3 years ago

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නියෝගයක් කර තිබේ.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර වාර්තාවූයේ මෙරට දීර්ඝකාලීනව ජීවත්වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට රට හැර යෑමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි.

ආගමන විගමන පාලක පසුගිය 22 වනදා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මෙම නීතිය පිළිබඳ අදාළ සංචාරකයන් දැනුවත් කරන ලෙසද ඉල්ලා තිබුණා.