Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රථ වාහන දඩ මුදල් ගෙවීම තවත් පහසු වෙයි

3 years ago

රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාල වල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බව ද ඔහු කීවේය. එම තැපැල් කාර්යාලවලදී රාත්‍රි රාජකාරී කටයුතුවලට අමතරව දඩ මුදල් ගෙවීමේ පහසුකම පමණක් හිමිවෙයි.

මීට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වල තැපැල් කාර්යාල කීපයක්ද රාත්‍රි 8.00 දක්වා විවෘත කර දඩ මුදල් ගෙවීමේ පහසුකම ලබා දීමට නියමිතය.

ඊට අමතරව තෝරාගත් තැපැල් කාර්යාල කීපයකදී පැය 24 පුරාම දඩ මුදල් ගෙවීමේ පහසුකම දීමටද සැලසුම් කර ඇත.

මීට අදාළ චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.