Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුහුදේ පාවෙමින් තිබූ කිලෝ ග්‍රෑම් 4000කට අධික බරකින් යුත් අද්භූත වස්තුව ගොඩට ගනී

3 years ago

යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් ඇත.

එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000කට වඩා බරින් යුක්න වේ.

එය ගොඩගැනීමට යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවී ඇත.

නාවික හමුදාව සඳහන් කර ඇත්තේ විශාල නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් දැමීමේදී භාවිතයට ගන්නා විශේෂ බෝයාවක් බවයි.

යකඩවලින් කේතුවක ආකාරයට තනන ලද එම බෝයාවේ ඉහල කොටස කොතක ආකාරය ගෙන තිබුණද, එහි යට කොටස විශාල යකඩ ප්‍රමාණයක් යොදාගෙන වැඩි බරකින් යුතු වන ආකාරයට නිපදවා ඇති බවයි.