Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්

06න් ඉහළ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් ගණන අඩු කරයි! අඩුවෙන්නේ මෙහෙමයි!

3 years ago

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

මේ අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවය.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව ලබාදීමට එළැඹෙන මාර්තු 05 වනදා සිට පියවර ගෙන තිබෙනවා.