සිදුවන්නට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් වැළකුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ පන්ජාබ් සිට ජම්මු කාශ්මීරය දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස රියදුරු නොමැතිව ධාවනය වී ඇත.
එම දුම්රිය ග්‍රාමීය දුම්රිය ස්ථානයක් අසළ නවතා එහි රියදුරු ඉන් බැස ඇති නමුත් ඔහුට එම අවස්ථාවේ තිරිංග යෙදීමට අමතකව ගොස් තිබේ.
එය බෑවුමක් සහිත ස්ථානයක් වීම නිසා රියදුරු නොමැතිව දුම්රිය ඉදිරියට ගමන්කර ක්‍රමයෙන් වේගය වැඩිවී ඇති අතර අනතුරුව එය පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ගමන් කර ඇත.
කෙසේ වෙතත් අනතුරුව කිලෝමීටර් 70ක් පමණ දුරක් ධාවනය වූ දුම්රිය නවතා ගැනීමට බලධාරීන් සමත්ව ඇත.
එය නවතා ගන්නා අවස්ථාව වන විට රියදුරු නොමැතිව දුම්රිය ස්ථන 6ක් පසුකර තිබීමද විශේෂත්වයකි.
එම දුම්රිය අධික වේගයෙන් ධාවනය වන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.

