රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකතන භාවිතය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසින් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
එහිදී හෙළිදරව් වී ඇත්තේ රජයේ සේවකයන් ජනතාවට විවෘත කර ඇති දුරකතන අංකවලින් 49%ක් ක්‍රියාවිරහිත බවයි. එමෙන්ම 22%ක් අංක ක්‍රියාත්මක වුවද ප්‍රතිචාර නොදක්වන බවද හෙළිව තිබෙනවා.
මෙම අංක හරහා නිලධාරීන් සම්බන්ධ කරගැනීමට හැකිව තිබෙන්නේ දුරකතන අංක අතරින් 29%ක් පමණි.
මෙම අධ්‍යයනය දිස්ත්‍රික්ක 25ක් පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම අධ්‍යයන ප්‍රතිඵල මගින් රාජ්‍ය ක්ෂේත්රයේ පවතින අකාර්යක්ෂ්මතාව පෙන්නුම් කරන බව අදාළ අධ්‍යයනය කළ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරනවා.


